Friday, November 18, 2016

HTML Lesson Part-5 තිරස් රේඛා නිර්මාණය

වෙබ් පිටුවකට ආකර්ශනීය පෙනුමක් ලබා දීම සදහා හා පිටුවේ කොටස් වෙන් කර දැක්වීම සදහා තිරස් රේඛා භාවිතා වේ.මේ සදහා භාවිතා වන උපදේශ කේතය <HR> වන අතර එය අවසන් කිරීමට යොදන </HR> යෙදීම අත්‍යවශ්‍ය නොවේ.


තිරස් රේඛාවක දිග, ප්‍රමාණය හෙවත් ඝනකම, පෙලගැස්වීම හා සෙවනැලි යෙදීම සදහා වන අනුඋපදේශ කේත හතරක් ඇත. ඒවා නම්, WIDTH(දිග), SIZE(ප්‍රමාණය), ALIGN(පෙලගැස්වීම), NOSHADE(සෙවනැලි)

තිරස් රේඛා නිර්මාණයේදි යොදන කේත සවිස්තරව පහත දැක්වේ.

කාර්යය

කේතය(මූලික කේතය සමග අදාල කේතය ඇතුලත් කර ඇත)

විස්තරය
මූලික කේතය <HR> </HR> තිරස් රේඛාවක් නිර්මාණය වේ
රේඛාවකට දිග ඇතුලත් කිරීම <HR WIDTH = 30> රේඛාවේ දිග පික්සෙල් වලින් දැක්වේ.
<HR WIDTH = 50%> රේඛාාව් දිග ප්‍රතිශතයක් ලෙසින් දැක්වේ.
රේඛාවකට ප්‍රමාණය ඇතුලත් කිරීම <HR SIZE = 5> පික්සෙල් 5ක් ඝනකම රේඛාවක් නිර්මාණය කරයි.
රේඛාවක් පෙලගැස්වීම <HR ALIGN = "CENTER"> රේඛාව මධ්‍යස්ථව නිර්මාණය වේ.
<HR ALIGN = "LEFT"> රේඛාව වම් පැත්තෙන් නිර්මාණය වේ.
<HR ALIGN = "RIGHT"> රේඛාව දකුණු පැත්තෙන් නිර්මාණය වේ.
රේඛාවකට සෙවනැලි ඇතුලත් කිරීම <HR NOSHADE> පිටුව විවෘත්ත වන බ්‍රවුසරය අනුව පිටුව තද කළු පැහැයෙන් හෝ සෙවනැලි සහිතව දන්වනු ලැබේ.
රේඛාවක් වර්ණවත් කිරීම <HR COLOR = #RRGGBB> RRGGBB සදහා රතු නිල් සහ කොළ වර්ණ ප්‍රෙභ්දයන්ට අදාල ශඩ් දශමය අගයන් ආදේශ කර අදාල වර්ණයෙන් යුතු රේඛාවක් ලබාගත හැකිය.

රේඛාවකට ඉහත ලක්ෂණ සියල්ල ඇතුලත් කිරීම(මෙහිදී හිස්තැනක් මගින් එක් එක් ලක්ෂණය වෙන් කරයි. සියලුම අනු උපදේශ කේත ප්‍රධාන කේතය තුල පිහිටයි)

<HR SIZE = 2 WIDTH = 25% ALIGN = "LEFT" NOSHADE COLOR = RRGGBB>

උදාහරණය බාගත කරගන්න

No comments:

Post a Comment